තුන පහ සෑදීම | 3 - 5 කතාව | නිවසේදීම පහසුවෙන් සෑදිය හැකි තුනපහ වර්ග














1 බැදපු පහේ (කළු පහේ)

අපේ තාලෙට කරියක් හදාගන්න කොට බැදපු පහේ ටිකක් ඕනෙමයි. පොලොස් මාළුවට, මස් කරියට, මාළු කරියට වගේ සැරට හදාගන්න කොයි කරියටත් බැදපු පහේ ටිකක් දාගත්තෙ නැත්නම් රස සුවඳ ගාණට නෑ.

අවශ් ද්රව්
කොත්තමල්ලි ඇට 300g
සූදුරු 100g
මාදුරු 10g
කුරුඳු අඟල් 4
සේර අඟල් 4
කරදමුංගු ඇට 5යි
කරාබු නැටි 10යි
හාල් තේ හැඳි 6
රම්පෙ අඟල් 5ක්
කරපිංචා ඉති 3ක්


මේ සියල්ලම වෙන වෙනම රන්වන් පැහැයට වඩා තද පැහැයක් ගන්නා තුරු කර නොකර ගෙන කබලේ බැදගන්න. තරමක් නිවෙන්නට හැර එකට දමා කුඩු කරගන්න. හොඳින් නිවෙන්නට හැර සුළං නොවදින ලෙස අසුරා තබාගන්න.
මාසයකට වඩා කල් තබාගන්න හදාගන්නවා නම් හාල් එක් කරගන්න එපා. පහේ වලට හාල් එක් කර ගැනීමෙන් වැඩි රසයක් සහ කරියට උකු බවක් ලබා දෙනව.


2. අමු පහේ

සුදට හදන ඕනෙම හොද්දකට පරිප්පු කරියකට අමු පහේ ටිකක් නම් නැතුවම බෑ. අමු පහේ හදන කොට වැඩිපුර ප්රමාණයක් හදා නොගෙන මාසයකට පමණ ඇති ප්රමාණය හදාගන්නව නම් වඩා හොඳයි. කල් තබා ගන්න කාලය වැඩි වෙන තරමට පහේ වල රසත් සුවඳත් අඩු වෙනව.

අවශ්‍ය ද්‍රව්‍ය
කොත්තමල්ලි ඇට 300G
සූදුරු 100g
මාදුරු තේ හැන්දක්
කුරුඳු අඟල් 4

සේර අඟල් 4
කරදමුංගු ඇට 5යි
කරාබු නැටි 10යි
හාල් තේ හැඳි 6
රම්පෙ අඟල් 5ක්
කරපිංචා ඉති 3ක්
වියළි කහ අඟල් 1/4 කෑල්ලක්                 


රන් වන් පැහැ වන තෙක් සියල්ලම වෙන වෙනම කබලේ බැදගන්න. පමණට වඩා බැදගන්න එපා. සුවඳ හමන ගාණට රත් වුන පසු ලිපෙන් ඉවත් කරගන්න. මදක් නිවුණු පසු සියල්ල එකට එක් කොට කුඩු කරගන්න. හොඳින් නිවෙන්නට හැර සුළං නොවදින ලෙස අසුරා තබාගන්න.
මාසයකට වඩා කල් තබාගන්න හදාගන්නවා නම් හාල් එක් කරගන්න එපා. පහේ වලට හාල් එක් කර ගැනීමෙන් වැඩි රසයක් සහ කරියට උකු බවක් ලබා දෙනව.

3. ගරම් මසාලා

ඉන්දියන් රෙසිපියක් හදන්න ගත්තොත් අනිවාර්යෙන් ගරම් මසාලා බොහෝ ආහාර වලට ඕනෙමයි. කඩෙන් ගන්නවට වඩා ගෙදරම හදාගන්න එක ලේසියි නැවුම් වගේම රසයි.

අවශ් ද්රව්
කොත්තමල්ලි 100g
සූදුරු 50g
කරදමුංගු 30g
කරාබු නැටි 30g
ගම්මිරිස් 15g
මහදුරු 15g
කුරුඳු අඟල් 4
බේ ලීව්ස් 4ක්
සාදික්කා පොඩි ගෙඩියක්
ස්ටාර් අනීස් 1
වසාවාසි 3ක්   

                                 
සියලුම ද්රව් වෙන වෙනම සුවඳ එන තෙක් කබලේ බැදගන්න. පාට වෙනස් වෙන තුරු බැදගන්න එපා. නිවුණු පසු හොඳින් කුඩු කරගන්න. සුළං නොවදින ලෙස වසා තබාගන්න.


4. මස් කරි තුනපහ

මේ මස් කරි තුනපහ එක මස් වලටම විශේෂයෙන් හදාගන්න කරි පව්ඩර් එකක්. මේකට අමුතුවෙන් මිරිස් හෝ බැදපු පහේ එක් කරන්න අවශ් නැහැ. මේ පහේ එක විතරක් ප්රමාණවත්.

අවශ් ද්රව්
කොත්තමල්ලි ඇට 50g
මාදුරු 50g
සූදුරු 50g
උළු හාල් 10g
කරදමුංගු ඇට 10
කරාබු නැටි 10
කුරුඳු අඟල් 2
වියලි මිරිස් කරල 80g
සේර අඟල් 3
කරපිංචා ඉති 4
අබ 10g
වියලි කහ අඟල් 1/2 කෑල්ලක්
හාල් මේස හැන්දක්


සියල්ල වෙන වෙනම රන් වන් පැහැයට වඩා තරමක් තද පැහැ වන තෙක් කර නොකරගෙන බැදගන්න. නිවෙන්නට හැර එකට දමා කුඩු කරගන්න. සුළං නොවදින ලෙස අසුරාගන්න.


5. ජැෆ්නා කරි පව්ඩර්

නම කිව් ගමන් දන්නවනෙ. දමිළ අයගෙ කෑම වල ඔවුන්ටම ආවේණික රසක් සුවඳක් තියෙනව. අපේ කරි පව්ඩර් වලට වඩා වෙනස් රසක් කරියකට එක් කරන්න මේ ජැෆ්නා කරි පව්ඩර් සමත්.

අවශ් ද්රව්
කොත්තමල්ලි ඇට 200g
වියලි මිරිස් කරල් 200g
ගම්මිරිස් ඇට 40g
සූදුරු 40g
මහදුරු 60g
උළුහාල් 15g
වියළි කහ අඟල් 1 1/2 කෑල්ලක්
කරපිංචා ඉති 3ක්


       සියළුම ද්රව් වෙන වෙනම රන්වන් පාට වන තුරු කබලේ බැදගන්න. නිවෙන්නට හැර කුඩු කර සුළං නොවදින සේ අසුරා ගන්න.


6. සාම්බාර් මසාලා පව්ඩර්

තෝසෙ එකක් කන්න සාම්බාර් ගෙදර හදාගන්න කොච්චර ආස උනත් අර සයිවර් කඩෙ සාම්බාර් එකේ රස ගන්න හරිම අමාරුයි. මෙන්න ඒකට පිළිතුර. සාම්බාර් මසාලා පව්ඩර්. මේක හදල තියාගත්තොත් සයිවර් කඩෙන් සාම්බාර් කන එකක් නෑ ආයෙ.

අවශ් ද්රව්
කොත්තමල්ලි ඇට 50g
කඩල 20g
උඳු ඇට 20g
කඩල පරිප්පු 15g
වියළි මිරිස් කරල් 10
කරපිංචා ඉති 2
උළුහාල් තේ හැඳි 3/4
සූදුරු තේ හැඳි 2
ගම්මිරිස් ඇට තේ හැන්දක්
පෙරුම්කායම් තේ හැඳි 1/8
කහ කුඩු තේ හැඳි 1/2

     කඩල, උඳු, පරිප්පු සහ මිරිස් රන්වන් පැහැ වන තෙක් අඩු ගින්දරේ කබලේ බැදගන්න. එයට කොත්තමල්ලි, උළුහාල් සහ කරපිංචා එක් කර කරපිංචා වියලෙන තුරු කබලේ බදින්න.
සූදුරුද එක් කර බැදෙන්නට හැර ලිප නිවා තැටියේ රස්නය තිබියදීම කහ සහ පෙරුම්කායම් එක් කරන්න.
නිවෙන්නට හැර හොඳින් කුඩු කරගෙන සුළං නොවදින ලෙස අසුරාගන්න.







Post a Comment

0 Comments